ළමා හිංසන බහුල වීම – ආසියාවේ ලොකුම ගැටලුවයි

හෙට රට බාරගන්නා නායකයන් ළමුන්ය. ඔවුන් සමාජයේ හදවතයි. අනාගතයේ කොඳු නාරටියයි. නමුත් ළංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක ළමා හිංසනය වසංගතයක් සේ පැතිරී ගොස් රටේ සංවර්ධනයත් ළමුන්ගේ අනාගතයත් විනාශ කර දමතියි බියක් සිතෙන තරමට තත්වය බයානක අතට හැරී ඇත. නොවරදවාම දිනපතා පුවත්පත්වල ළමා හිංසනයක් සම්බන්ධ පුවතක් පළවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ..
පවුල්, ප්‍රජා, සමාජ ආදි විවිධ මට්ටම්වලින් ළමා හිංසන සිදුවන අතර ජනමාධ්‍ය වැනි සන්නිවේදන උපාංග තුළින්ද මහත් වියසනයක් සිදු වෙයි.
අද ලොවටම තර්ජනයක් වී ඇත්තේ ද මෙම ළමා හිංසනයයි. ළමුන් රැකියාවේ යොදවා ළමා ශ්‍රමය උදුරා ගැනීම, ළමා ආයිතිවාසිකම් අහිමි කිරීම ආදිය ළමා හිංසන ඝනයටම අයත් වෙයි. නමුත් මෙහිදි ළමා හිංසනය යැයි අප විසින් භාවිත කරනු ලබන්නේ වැඩිහිටියන් විසින් ළමුන්ට සිදු කරනු ලබන ලිංගික හිංසනයන් සම්බන්ධවයි. වැඩිහිටියන් විසින් ළමුන් සමඟ කාමුකව කතා කිරීම, ලිංගික දර්ශන පෙන්වීම, ලිංගික අවයව ස්පර්ශ කිරීම හා මේ හා සම්බන්ධ ලිංගික කාමුකි ක්‍රියාවන් අයත් වෙයි.
මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ කතාබහට ලක්වූ කාලවකවානුව තුළදීම ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. 1924 දී ජිනීවා නුවර රැස්වූ සභාව විසින් ළමා අයිතිය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් ඊට නෛතික බලය හිමි නොවී පරාද විය. නැවතත් 1948 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේදී ද ළමා හිංසනය සම්බන්ධයෙන් අවධානය යොමු විය. ඉන්අනතුරුව ලොවපුරා ළමා අයිතියට නෛතිකතාවක් ‍හිමිවිය. එබැවින් 19 වැනි සියවසේ දී ලොව වටා කතාබහට ලක්වූ ළමා අයිතියට නෛතිකත්වය හිමිවන්නේ පසුකාලීනවය.
මේ කාලවකවානුව තුළ දී ළමා හිංසනය යැයි හඳුන්වනු ලැබුවේ ළමුන් රැකියාවේ අනුයුක්ත කිරීම, ළමුන්ගේ අධ්‍යාපානය සෞඛ්‍යය වැනි මූලික අයිතීන් ආදී කාරණා පමණි. විද්‍යාව හා තාක්ෂණය දියුණුවූ වර්තමානයේ ළමා හිංසනය ලෙස කතා කිරීමට සිදුවී ඇත්තේ සදාචාර විරෝධී ශාපයකි. ඒ අතර ලිංගික හිංසනය ප්‍රමුඛතතාවයක් ගනියි.

ළමා හිංසාන බහුලව සිදුවන්නේ කා විසින් ද?
01 පවුල් පරිසරය.
මෑත කාලය තුළ අධික වශයෙන් ලමා හිංසන සිදුවී ඇත්තේ සමීප ඥාතීන් විසින් බව සිදු කරනු ලැබී පර්යේෂණ, අධිකරණයන්වල විභාගවන නඩු, පොලිසියේ කර ඇති පැමිණිලි ආදිය බැලූ කළ පෙනී යයි. සමීප ඥාතීන් අතර පියා, මාමා, සීයා, බාප්පා, මස්සිනා වැන්නෝ සිටිති. මොවුන්ට අමතරව අසල්වැසියන්, පවුලේ මිත්‍රයන් යන අය විසින් ද ළමා අපචාර සිදු වී ඇත. මේ ආකාරයට ශ්‍රී ලංකා වැනි රටක වගාව ආරක්ෂා කළ යුතු වැට විසින්ම වගාව කා දැමීම කටුක අත්දැකීමකි.

02 පාසැල් පරිසරය.
පාසැල් පරිසරය තුළ ළමා අපචාර සිදුවන ප්‍රතිශය දිනෙන් දින වැඩිවෙමින් පවතියි. ළමුන්ගේ අහිංසකත්වය හා ලැබෙන අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනගන්නා හිවල් ගුරුවරුන් මෙවැනි දෑවලට සම්බන්ධ වෙයි.
මෙහිදී විදුල්පති, ගුරුවරු-ගුරුවරියන් ඇතුළු අනධ්‍යන සේවකයන් විසින් පාසැල් පරිසරය තුළ ළමා හිංසන හෙවත් ළමා අපයෝජන සිදු වෙයි. සාපේක්ෂව පවුල් පරිසරය තුළ සිදුවන හිංසන ප්‍රමාණයට වඩා පාසැල් පරිසරයේ සිදුවන ප්‍රමාණය අඩු වුවද ඒවා අනාවරණය වන අවස්ථා බහුලය.

සෑම වසරකම කිසියම් හෝ හිංසනයකින් බලපාන ළමුන් ගණන බිලියන 1.5කි. වයස අවුරු 2 සහ 14 අතර ළමුන්ගේන් සියයට 85ක් මානසික වදබන්ධනවලට හෝ මානසික පීඩනයන්ට ලක්වෙයි. ලොවපුරා ළමා ශ්‍රමිකයන් මිලියන 150ක් විවිධ රැකියාවන්වල අනුයුක්ත කර සිටිති. මිලියනයට අධික ළමුන් සංඛ්‍යාවක් ත්‍රස්ථ ගැටලුවට මුහුණ පා තිබෙන රටවල් තුළ සිරවී විවිධ ගැටලුවලට මුහුණ පාන බව යුනිසෙෆ් සංවිධානය පවසා ඇත. ඒ අතරවාරයේ ලොව ළමා හිංසනයන් සිදුවන රටවල් අතරින් ප්‍රථම ස්ථානයට ලංකාව වැටී තිබීම ලැජ්ජා විය යුතු කාරණයයි.
ලංකාවේ ළමුත් තුන්දහසක් පමණ ළමා අපයෝජනයන්ට ලක්වන බව හඳුනාගෙන ඇත. ඒ අතර බහුතරයක් විදේශ සංචාරකයන් විසින් අපයෝජනයට ලක්වන බවත් දේශීය තැරැව්කරැවන් මෙවැනි ක්‍රිකාරකම් වෙනුවෙන් මැදිහත් වන බවත් ළමා හිංසන වැළැක්වීමේ කාර්යාලය පවසයි.
මීට අමතරව පසුගිය කාලය තුළ මුහුණ පෑ යුද තත්වය, දෙමාපියන් විදෙස් ගතවීම, දුප්පත්කම, ළමුන් රැකියාවන්වලට අනුයුක්ත කිරීම, ළමුන් අත්හැර දැමීම, සිඟමනේ යෙදවීම, වැරදී ආශ්‍රිය ආදිය ද හිංසනයන්ට හේතූ විය. ළමා අයිතීන් උල්ලංඝණය වී ළමුන් පාරට ආද වැටී ඔවුන්ගේ ජීවිත විනාශ වී යාමත් සිදුවෙයි. එමෙන්ම ළමා අපයෝජනයන් ද සිදු කර ළමයා වරදකරුවා බවට පත් කරවන්නේ ද ඥාතීන් සහ අසල්වැසියන් විසින් වීම සෝචනීයයි.

අප සමාජය ළමා හිංසන වැඩීවීමට පහත කාරණා හේතු වෙයි.

  • නූගත්කම.
  • ඥාතීත්ව සබඳතා නිසි පරිදි පිළිනොපැදීම (මහ්රම් අජ්නබ්)
  • දෙමාපියන් මත්පැනට හුරු වීම.
  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය.
  • දෙමාපියන් විදෙස්ගත වීම.
  • වැරදි ආශ්‍රිය.
  • තනිකම.
  • දෙමාපියන්ගේ වෙනවීම (මරණය-දික්කසාදය)
  • ආදරය නොලැබීම.
  • යුද වාතාවරණය.

කෙසේ වෙතත් ළමා ආරක්ෂාව තර කළ යුතු අතර ළමා අයිතිය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ දැනුම්වත් කිරීමක් අවශ්‍යය. ආගමික කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම, යහ ගුණාංග, ස්වයං පාලනය වැනි දේවල් ළමයා තුළ දියුණු කළ යුතුය. මේ සියල්ලටම වඩා නීතිය සෑම අයෙකුටම සමාන විය යුතුය. දේශපාලනය, මුදල්බලය, සාක්ෂි නැතිකම යන හේතූන්මත වරදකරුවන් බහුතරයක් නැදැල්ලේ සිටිති. ගෞරවය, සමාජ තත්වය වැනි හේතූන් මත ද පොලිසිය වෙතට වාර්තා නොකරන ළමා හිංසන සිද්ධීන් විශාල සංඛ්‍යාවක් තිබේ.

එමෙන්ම ළමුන් ආරක්ෂකයින් සහ ළමුන් බලාගත යුතු වගාවේ වැට විසින්ම වගාව කා දැමිය නොයුතුය. ළමා අපයෝජන සම්බන්යෙන් සෑම ජනවර්ගයකම ජනයා අවධානයෙන් හා අවධියෙන් සිටිය යුතුය. නීතිය කිසිවෙකුට ලිහිල් නොවිය යුතුයි.

මේවා සම්බන්ධ නීති දැඩි විය යුතුයි. වැරදි තුරන් කිරීමට නිවසේ සිටම වැඩපිළිවෙල් දියත් විය යුතුයි. රටේ සිදුවන ළමා හිංසන අවම කිරීමට නම් පොද ජනයා, පොලීසිය හා අධිකරණය යන ත්‍රිත්වය එකම රේඛාවක ගමන් කළ යුතුයි යන්න සිහිය තබා ගත යුතුයි. එසේ නොමැතිකළ වැඩිවීගෙන යන ළමා හිංසනයම ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ, අෂ්ෂෙයික් එම්.ජේ අන්වර් (සලෆි.)
උපුටා ගැනීම: සිංහලෙන් ඉස්ලාම් පිටුවෙන්

Avatar

About අෂ්ෂෙයික් එම්.ජේ අන්වර්, සිංහලෙන් ඉස්ලාම්

View all posts by අෂ්ෂෙයික් එම්.ජේ අන්වර්, සිංහලෙන් ඉස්ලාම් →