නොසණ්ඩාල ජාතීන්ගේ ගැලරියේ ඉන්දියාව තබන්න

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම සිය රජයට නිර්දේශ කරයි

– ලතීෆ් ෆාරුක් විසිනි

‘ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම’ යනු ලොව රටවල ආගමික නිදහසට ඇති වන තර්ජන අධීක‍ෂණ කිරීම සඳහා ඇමරිකාවේ කොංග්‍රසය විසින් පිහිටුවන ලද ස්වාධීන ආයතනයකි. ඇමරිකන් ජනාධිපතිවරයාට හා එම ආරක‍ෂක රාජ්‍ය ලේකම්වරයාට නිර්දේශ ලබා දෙන මෙම විද්වත් කණ්ඩායම මෙසේ සිය 2020 වසර සඳහා වන වාර්තාවෙහි නිර්දේශ කර ඇත්තේ ගල්ෆ් රටවල රැකියාවල යෙදෙමින් ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ නිකුත් කරන ආර්එස්එස්-බීජේපී හින්දු අන්තාවාදීන් එම රටවලින් පයින් ගසා එලවා දැමිය යුතුය යන මතය එම අරාබි රටවල වැසියන් අතර රැව්පිළිරැව් දෙමින් තිඛෙන සමයෙකය.

මෙයට අමතරව ‘ජාත්‍යන්තර ආගමික නිදහස් පනතේ අවධාරණය කර ඇති නිර්දේශ උල්ලංඝනය කරන රටක්’ ලෙසින් ඉන්දියාව නම් කළ යුතුය යැයිද එම කොමිසම සිය රජයට අවධාරණය කරයි. තවද එම උල්ලංඝනයන්ට වගකිව යුතු ඉන්දීය රජයට එරෙහිව සම්බාධක පැනවිය යුතු යැයිද එවැනි අන්තවාදී හින්දුන් සතුව ඇමරිකාවේ ඇති දේපළ රටින් පිටතට ගෙන යා නොහැකි ආකාරයෙන් නිශ්චල කළ යුතුය යැයිද, අන්තවාදී මතවලට ප්‍රසිද්ධියේ සහය පළ කර ඉන්දියානුවන්ට ඇමරිකාවට පැමිණීමට අවසර නොදිය යුතුය යැයිද එම කොමිසම තවදුරටත් යෝජනා කර ඇත. එමෙන්ම ඒ ඒ රටවල ආගමික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන සුළු ජනකොටස් සමග එකී රටවල තිඛෙන ඇමරිකානු තානාපති සේවය තම සබඳතාවය ශක්තිමත් කර ගත යුතුය යැයිද එම කොමිසම තම රජයට නිර්දේශ කර ඇති අතර එවන් සුළුතර ආගමික කොටස් හා ඔවුන්ගේ ආගමික ස්ථාන ආරක‍ෂා කරමින් ඔවුන්ට ඇති විය හැකි හිංසන නැවැත්වීමට ඒ ඒ රටවල ආරක‍ෂක අංශ සමග ඇමරිකාව සම්බන්ධීකරණය පැවැත්විය යුතුය යැයිද, එම සුළු ආගමික කොටස් එකී රටවල ආරක‍ෂක අංශ සමග සමීපව කටයුතු කරමින් වෛරී ආකල්ප උද්ගත වීම අධීක‍ෂණය කරමින් කලින්ම එවන් කි්‍රයා අක්‍රීය කිරීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය සහය එම කොටස්වලට ලබා දිය යුතුයව යැයිද උක්ත කොමිසම රජයට වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

ඇෆ්ගනිස්තානය, බංගලාදේශය හා පාකිස්තානයෙන් සංක්‍රමණය වී ඉන්දියාවේ පරම්පාරාවක කාලයක් වාසය කරන මුස්ලිම්වරුන් එම රටවලට ආපසු යැවීමේ නරුම පනතක් (CAA)- මෝඩිගේ රජය විසින් පසුගිය වසරේ ඉදිරිපත් කිරීමෙන් පසු ඇති වුනු ගැටුම් නිසා 25 ක් පමණ උද්ඝෝෂකයන් ඝාතණය වු සැටි මුලූ ලොවම දනියි. මේ තරම් දීර්ඝ කලකට පසු තම රටේ වාසය කරන ජනකොටසකට මෙසේ නියෝග කිරීම නිසා ඔවුන් ‘රටක් නොමැති මිනිසුන්’ බවට පත් වනු ඇත යැයි ඇමරිකාව ඇතුලූ ලොව රටවල් සියල්ලම පාහේ පෙන්වා දුන්නද මෝඩි රජය එය මායිම් නොකර සිටියි. ඒ සමගම ගවයන් මස් කිරීම තහනම් කිරීම, අන්‍යාගම්වලට මාරු කිරීම තහනම් කිරීම, සියවස් ගණනාවක් පැරණි හා ඓතිහාසික අගයක් ඇති මෝගල් යුගයේ ඉදි කරන ලද බාබර් පල්ලිය කඩා දමා එහි හින්දු කෝවිලක් ඉදි කිරීමේ අධිකරණ තීරණය ඇතුලූ මෝඩි රජයේ ආන්දෝලනාත්මක පියවර ගණනාවකින් පසු ඉන්දියාව පුරා හා විශේෂයෙන් මෝඩිගේ පක‍ෂයේ බහුතර බලය ඇති ප්‍රාන්තවල මුස්ලිම්වරුන්ට එරෙහි ජාතිවාදී ප්‍රචණ්ඩ කි්‍රයා පෙර නොවිරූ අන්දමින් උත්සන්න විය. වෙනත් ආගමට හැරවීමේ තහනම ගත් කල එය බලපැවැත්වෙන්නේ මුස්ලිම්වරුන් හා කිතුනුවන් විෂයයෙහි පමණි. එනමුත් හින්දු ආගමට හැරවීමට හින්දු අන්තවාදීන් කටයුතු කරන කිසිදු අවස්ථාවක ඔවුන්ට එරෙහිව එම නීතිය කි්‍රයාත්මක වන බවක් පෙනෙන්නට නැත.

මේ අතර මුස්ලිම් බහුතරයක් වාසය කරන ජම්මු-කාශ්මීර් ප්‍රාන්තයේද රජයේ හමුදා යොදවමින් මෝඩි රජය විවිධ සැහැසිකම් කරමින් සිටියි. ගව මස් අනුභවය, ගවයන් මස් කිරීම වැනි දේ සඳහාද මුස්ලිම්වරුන් සිය ගණනාවක් මෙතෙක් ඉන්දියාවේ ඝාතණය වී ඇත්තාහ.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම විසින් ඇමරිකානු රජයට ඉහත සඳහන් කළ නිර්දේශ ලබා දීමට තුඩු දී ඇත්තේ ලොව කිසිම රටක අසන්නට නොලැඛෙන මෙවන් හිංසාකාරී පියවර මෝඩිගේ රජය විසින් ගනු ලබමින් තිඛෙන පසුබිමකය.

Avatar

About ලතීෆ් ෆාරුක්

View all posts by ලතීෆ් ෆාරුක් →

Leave a Reply

Your email address will not be published. Required fields are marked *