කොරානාවෙන් මියගිය මීගමුව පුද්ගලයාගේ කතාව

“මම තානිස්,මීගමුව රෝහලේදී කොරෝනා රෝගියකු බවට පත්ව මියගියේ මගේ තාත්තා. මේ වෙනකොට තාත්තා අපෙන් ඈතට යන්න ගිහින්. අන්තිම වතාවට මූණ බලන්නවත් අපිට ඉඩක් ලැබුනෙ නෑ.. පරිස්සම් වෙන්න.ඒත් මේ වෙනකොට නිව්ස්වලින් අපි ගැන කියන බොරු දැක්කම හිතට දැනෙන්නෙ ලොකු වේදනාවක්.. මගේ තාත්තාවත් අපේ පවුලෙ ලංකාවේ ඉන්න සහෝදරයො කවුරුවත් මෑතකදී ඉන්දියාවට හෝ ජර්මනියට ගිහින් ආවෙ නෑ, ඒක බොරුවක්…

ඩුබායි ඉඳලා සහෝදරයෙක් ගෙදර ඇවිල්ල ගියා ඒක ඇත්ත ඒත් පෙබරවාරි 28 එයා ගියෙ.. ඒක අපෙන් අහපු හැමවෙලාවකම අපි දන්න අයට කිව්වා.මේ ලෙඩේ කොහෙන් ආවද කියන්න තේරෙන්නෙ නෑ.. ඒත් අපි මේ මාසෙ 8 වෙනිදා යාපනේ ගිහින් ආවා ඒක ඇත්ත එතකොට තාත්තාට කියන්න තරම් ලොකු අසනීපයක් තිබුණෙ නෑ…

එයාට ටිකක් ඇදුම තියෙනවා කලින් ඉඳලම හුස්ම ගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අපි හිතුවෙ මේ ආවෙත් ඒක කියල.ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් ගත්තා.අපි හිතුවෙ නැහැ මෙහෙම දෙයක්.තාත්තට හුස්ම ගන්න අමාරු උනා,ඒ වෙලාවෙ ඇදුම වැඩිවෙලා කියල හිතුවා,ඒත් ඒ වෙද්දි උණ ගතිය වැඩිවෙලා වගෙ දැනුනා. පෙරේදා නවලෝකෙට අරන් ගියා,ඒක ඇත්ත. එතනින් බලලා මීගමුවේ මහ රෝහලට යැව්වා.සාමාන්‍ය විදිහට පිරිමි වාට්ටුවට දැම්මා,මම දන්න තරමින් තාත්තා මුකුත් හැංගුවේ නෑ.අපි දන්න දේවල් කිව්ව.තාත්තා ලඟ හිටියෙ මමයි.පස්සෙ තාත්තා ICU දාන්න ඕනෙ කිව්වා.කොරෝනා සැකයක් තියෙනවා කියලා ඒ වෙලාවෙ තමා අපිත් දැනගත්තෙ. අපිට ගෙදරට යන්න කිව්වා.තාත්තා මැරුණා කියල දැනගත්තෙ අවට මිනිස්සුන්ගෙන්.මේ වගෙ දුකක් කාටවත් වෙන්න එපා.

අපිට තාත්තාගෙ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුනෙ නෑ,අපි අපේ කනත්තෙන් අඩි 8ක වලක් කපලා සූදානම් කරල තිබුනෙ.මාලිගාවත්තෙ කනත්තකත් උවමනා නම් සූදානම් කරල තිබුනා. අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරිඋනා, කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රෑ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා.කාටවත් වරදක් කියන්නෙ නෑ..

මොනවා කියන්නද තේරෙන්නෙ නෑ,අසරණයි.දෙරණ නිව්ස්වලට යනවා දැක්කා අවසන් කටයුතුවලට පවුලෙ කවුරුත් ආවෙ නෑ කියල මට කෑ ගහල කියන්න හිතුනා තාත්තාව අපි තනිකලේ නෑ අදාහනය කළා අපි දන්නෙත් නෑ..
අපිත් අසරණයි බයවෙලා ඉන්නෙ දැන් ගෙදර ඉන්නෙ ඔක්කොම.අපි රට ගිහින් ඇවිත් කියල කියන කතා බොරු,පාස්පෝට් පෙන්නන්න පුළුවන්. මට තේරෙන්නෑ කොහෙන් මේ ලෙඩේ තාත්තට ආවද කියල ඒත් යාපනේ ගිහින් ආවා,එතනදිද දන්නෙ නෑ..අපි හිතුවෙම ඇදුම කියල.කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා අපි ගැනත් බයයි ඒත් හිතේ විශ්වාසයෙන් ඉන්නවා….”